AFC Banner
Empty Ad
Empty Ad

අද පැය 05ක හෙද වර්ජනයක්

කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 44ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ඒකාබද්ධ වෙලා අද උදේ 7ට දිවයින පුරා ම විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. එය දවල් 12 දක්වා අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. දහවල් 12 සිට 12.30 දක්වා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මුලිකව ම මේ විරෝධතාවයට හේතු වෙන්නේ, කොවිඩ් සහනදීමනා කප්පාදුව හා අතිකාල අමතර සේවා දීමනා කප්පාදු කිරීමයි. ඒ වගේම මෙවැනි වසංගතවලට ඔරොත්තු දීමට සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කරන්න කියන ඉල්ලීම ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීමයි. ඒ වගේම අද වෙනකොට සෞඛ්‍ය සේවකියින් 14දෙනෙක් ජීවිත පුජා කරලා තියෙනවා. ඒ අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් නොගෙවීම කියන මුලික කාරණාවලට අද වෙන විටත් උත්තරයක් දීලා නැහැ ඒක නිසා අපි අද තුන්වෙනි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. මේක ඇතුළෙත් උත්තරයක් නැත්නම් මීට වඩා බරපතළ ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?