අද පැය 05ක හෙද වර්ජනයක්

කොවිඩ් සහන දිමනා ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති කිහිපයක් අද (08) දිනයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

පෙරවරු 07.00 සිට දහල් 12.30 දක්වා එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවසුවේය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

“සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති 44ක් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව විදියට ඒකාබද්ධ වෙලා අද උදේ 7ට දිවයින පුරා ම විරෝධතා ව්‍යාපාරයක් දියත් කරනවා. එය දවල් 12 දක්වා අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. දහවල් 12 සිට 12.30 දක්වා රෝහල් ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මුලිකව ම මේ විරෝධතාවයට හේතු වෙන්නේ, කොවිඩ් සහනදීමනා කප්පාදුව හා අතිකාල අමතර සේවා දීමනා කප්පාදු කිරීමයි. ඒ වගේම මෙවැනි වසංගතවලට ඔරොත්තු දීමට සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් කරන්න කියන ඉල්ලීම ආණ්ඩුව ක්‍රියාත්මක නොකිරීමයි. ඒ වගේම අද වෙනකොට සෞඛ්‍ය සේවකියින් 14දෙනෙක් ජීවිත පුජා කරලා තියෙනවා. ඒ අය වෙනුවෙන් කිසිදු වන්දි මුදලක් නොගෙවීම කියන මුලික කාරණාවලට අද වෙන විටත් උත්තරයක් දීලා නැහැ ඒක නිසා අපි අද තුන්වෙනි ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරනවා. මේක ඇතුළෙත් උත්තරයක් නැත්නම් මීට වඩා බරපතළ ක්‍රියාමාර්ගයක් ගන්න වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු - පොහොට්ටු ප්‍රබලයින් රැසක්ම ඇවිත්
00:52
Video thumbnail
බුද්ධශාසන සභාව හදිසියේම රැස්වෙයි - 2027 සිංහල අලුත් අවුරුදු නැකත් සීට්ටුවත් ලබාදෙයි
02:47
Video thumbnail
යහපාලන කාලේ ශානි අපිත් එක්ක වැඩ කළා - මේ ආණ්ඩුව හොර වැඩ කරන්නෙත් එළිපිට
09:00
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30