කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා ඔවුන්ට හිමි තීරු බදු සහන යටතේ අවශ්‍ය භාණ්ඩ එදිනම ලබා ගත යුතු බව දන්වමින් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි කර දී ඇත.
එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලා එම ගුවන් මගීන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්නම් ඔවුන්ගේ කාඩ්පත මත
” රතු මුද්‍රාවක් ” තබා සනාථ කිරීමෙන් පසුව ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පහසුකම් සළසා දී තිබේ .
එහෙත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණි දිනට පසු දින වල කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිළදී ගැනීම සිදු කළ නොහැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.





