කටුනායක ගුවන් තොටුපොළට පැමිණෙන මගීන්ට දැනුම් දීමක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් සඳහා ඔවුන්ට හිමි තීරු බදු සහන යටතේ අවශ්‍ය භාණ්ඩ එදිනම ලබා ගත යුතු බව දන්වමින් ගුවන් තොටුපොළ බලධාරීන් විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ වෙත කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ට පමණක් මෙම අවස්ථාව හිමි කර දී ඇත.

එසේ කටුනායක ගුවන් තොටුපළ වෙත එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන පැමිණෙන ගුවන් මගීන්ගේ එන්නත් කාඩ්පත ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පරීක්ෂා කර බලා එම ගුවන් මගීන් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇත්නම් ඔවුන්ගේ කාඩ්පත මත
” රතු මුද්‍රාවක් ” තබා සනාථ කිරීමෙන් පසුව ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත පිවිස තමන්ට අවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීමට පහසුකම් සළසා දී තිබේ .

එහෙත් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන්ට ඔවුන් ගුවන් තොටුපළ වෙත පැමිණි දිනට පසු දින වල කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිළදී ගැනීම සිදු කළ නොහැකි බව එම නිවේදනයෙන් වැඩිදුරටත් දන්වා ඇත.

243460839 296438628960477 2582429973156170959 n


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14