ජනපති දැඩි තීරණ ගන්න සූදානම්

ඉදිරි වසර තුන ඇතුළත දැඩි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (6 වැනිදා) පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද කියා සිටියේය.

‘‘දැඩි තීන්දු තීරණ ගෙන කිසිදු පැකිලීමකින් තොරව ජනතාව, විවිධ සංවිධාන සහ මහා සංඝරත්නය බලාපොරොත්තු වූ කාර්යභාරය දශමයකින්වත් අඩු නොකර ඉටු කිරීමට මම සූදානම්.​ මෙතෙක් රජයෙන් සිදුවූ අතපසුවීම්, වැරදි නිවැරදි කිරීමටත් මම කටයුතු කරනවා. ඡන්දයක් බලාගෙන මම වැඩ කරන්නෙ නැහැ. මම එම තීරණය ජනතාවට දැනුම් දී තිබෙනවා.’’

මෙම සාකච්ඡාවේදී කාබනික පොහොර වැඩපිළිවෙළ පිළිබඳවද අවධානය යොමු කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?