තවම හොයනවා ෆයිල් ! ආරංචිය හැටියට ලංකාවේ නම් 65ක් තියනවලූ

මහත් ආන්දෝලනයක් ඇති කළ ලොව පුරා කෝටිපතියන්ගේ සැඟ වූ වත්කම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහා ම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.ජනාධිපතිවරයා අද උදැසන අදාළ නියෝගය සිදු කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට යි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ පරීක්ෂණ වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, එම කොමිසමේ සභාපතිවරයා වෙත නියෝග කර ඇති බවයි.

ගෙවී ගිය සති අන්තයේ හෙළි දැක්වුණු මෙම සැඟවුණු වත්කම් හෙළි කෙරුණු පැන්ඩෝරා පත්‍රිකා ලිපි ගොනු තුළ මෙරට හිටපු දේශපාලඥයින්ගේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ගේ අක් වෙරළ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදු ව ඇති බව වාර්තා වුණා.

මෙම අක් වෙරළ වත්කම් සබන්ධයෙන් සිය කැබිනට් මණඩලයේ අමාත්‍යවරුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන් ද වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස මීට පෙර එරට දූෂණ වංචා විමර්ශන අංශවලට නියෝග කර තිබුණා.මේ අතර, පැන්ඩෝරා සම්බන්ධයෙන් අද දේශපාලනඥයින් ද විවිධ අදහස් පළ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?