තවම හොයනවා ෆයිල් ! ආරංචිය හැටියට ලංකාවේ නම් 65ක් තියනවලූ

මහත් ආන්දෝලනයක් ඇති කළ ලොව පුරා කෝටිපතියන්ගේ සැඟ වූ වත්කම් හෙළි කළ පැන්ඩෝරා පේපර්ස් හෙවත් පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් සියලු ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් මසක් ඇතුළත විධිමත් පරීක්ෂණයක් පවත්වා වහා ම තමන්ට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝග කර තිබෙනවා.ජනාධිපතිවරයා අද උදැසන අදාළ නියෝගය සිදු කර ඇත්තේ, අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිසමේ සභාපතිවරයාට යි.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක සඳහන් කළේ මසක් ඇතුළත අදාළ පරීක්ෂණ වාර්තාව තමන් වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, එම කොමිසමේ සභාපතිවරයා වෙත නියෝග කර ඇති බවයි.

ගෙවී ගිය සති අන්තයේ හෙළි දැක්වුණු මෙම සැඟවුණු වත්කම් හෙළි කෙරුණු පැන්ඩෝරා පත්‍රිකා ලිපි ගොනු තුළ මෙරට හිටපු දේශපාලඥයින්ගේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින්ගේ අක් වෙරළ වත්කම් සම්බන්ධයෙන් හෙළිදරව් කිරීම් සිදු ව ඇති බව වාර්තා වුණා.

මෙම අක් වෙරළ වත්කම් සබන්ධයෙන් සිය කැබිනට් මණඩලයේ අමාත්‍යවරුන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අසල්වැසි පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්‍රාන් ඛාන් ද වහා ම පරීක්ෂණයක් සිදු කරන ලෙස මීට පෙර එරට දූෂණ වංචා විමර්ශන අංශවලට නියෝග කර තිබුණා.මේ අතර, පැන්ඩෝරා සම්බන්ධයෙන් අද දේශපාලනඥයින් ද විවිධ අදහස් පළ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14