රියදුරන්ට දැනුම් දීමක්

බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ දැයි පරික්ෂා කිරීමේ විශේෂ පරීක්ෂණයක් ඊයේ සිට ආරම්භ කර ඇති බවත්, ඉන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බවත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ පවසනවා.

දිස්ත්‍රික් කාර්යාල 25 ක් තුළ ඊයේ සිට ආරම්භ කර ඇති මෙම පරීක්ෂණය සඳහා බලපත්‍ර දීර්ඝ කිරිමට සහ අලුතින් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම රියදුරන් යොමු කිරීමට නියමිත බව ද වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ සදහන් කළා.

පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ අනුව කල් ඉකුත් වූ බලපත්‍ර අලුත් කිරීමට සහ නව බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියළුම අයදුම්කරුවන් ,මෙහිදී විශේෂිත මුත්‍රා පරීක්ෂණයකට ලක් කරන අතර,එහිදී මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් දින 14 ක සහන කාලයක් ලබා දී නැවත මුත්‍රා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

එහිදී දෙවන පරීක්ෂණයෙන් ද මත්ද්‍රව්‍ය පානය කරන බවට වාර්තා වුවහොත් , දිවි ඇති තෙක් බර වාහන රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ලබා නොදීමට පියවර ගන්නා බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ සදහන් කළා.

මෙහිදී පළමු වාර්තාව පිළිගන්නේ නම් පමණක් දින 14 කින් දෙවන පරීක්ෂණයට යොමු කෙරෙන අතර යම් හෙයකින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් , වැඩිදුර පරීක්ෂාව සඳහා අයදුම්කරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට යොමු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?