රියදුරන්ට දැනුම් දීමක්

බරවාහන රියදුරු බලපත්‍ර ලාභීන් මත්ද්‍රව්‍ය පානය කරන්නේ දැයි පරික්ෂා කිරීමේ විශේෂ පරීක්ෂණයක් ඊයේ සිට ආරම්භ කර ඇති බවත්, ඉන් මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් බරවාහන සදහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික දිවි ඇති තෙක් අවලංගු කිරීමට පියවර ගන්නා බවත්, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ පවසනවා.

දිස්ත්‍රික් කාර්යාල 25 ක් තුළ ඊයේ සිට ආරම්භ කර ඇති මෙම පරීක්ෂණය සඳහා බලපත්‍ර දීර්ඝ කිරිමට සහ අලුතින් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම රියදුරන් යොමු කිරීමට නියමිත බව ද වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ සදහන් කළා.

පසුගිය කාලසීමාව තුළ මත්ද්‍රව්‍ය පානය කොට රිය පැදවීම හේතුවෙන් සිදු වූ මාරක රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගමගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.

ඒ අනුව කල් ඉකුත් වූ බලපත්‍ර අලුත් කිරීමට සහ නව බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියළුම අයදුම්කරුවන් ,මෙහිදී විශේෂිත මුත්‍රා පරීක්ෂණයකට ලක් කරන අතර,එහිදී මත්ද්‍රව්‍ය පානය කරන බවට අනාවරණය වුවහොත් දින 14 ක සහන කාලයක් ලබා දී නැවත මුත්‍රා පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතයි.

එහිදී දෙවන පරීක්ෂණයෙන් ද මත්ද්‍රව්‍ය පානය කරන බවට වාර්තා වුවහොත් , දිවි ඇති තෙක් බර වාහන රියදුරු බලපත්‍ර සඳහා නිකුත් කෙරෙන වෛද්‍ය සහතික ලබා නොදීමට පියවර ගන්නා බව වෛද්‍ය සවීන්ද්‍ර ගමගේ සදහන් කළා.

මෙහිදී පළමු වාර්තාව පිළිගන්නේ නම් පමණක් දින 14 කින් දෙවන පරීක්ෂණයට යොමු කෙරෙන අතර යම් හෙයකින් එම වාර්තාව ප්‍රතික්ෂේප කරන්නේ නම් , වැඩිදුර පරීක්ෂාව සඳහා අයදුම්කරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට යොමු කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50