AFC Banner
Empty Ad
Empty Ad

ඇමැතිතුමාට හෙණ ගහයි!

ශ්‍රී ලංකාවට පැමිණි ආන්දෝලනාත්මක පොහොර නැව සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න සහ කෘෂිකාර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අතර ඇති වූ අතර ඇතිවූ බහින්බස් වීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් ඇති විය.

“සිංගප්පූරුවෙන් ආපු නැව හරවා යැව්වා. නමුත් ඒ සමාගමෙන් නැවතත් ඒ පොහොර රටට එනවා කියල ආරංචියි. මේ වහින වෙලාවට බොරු කියන්න එපා ඇමතිතුමා, හෙන ගහයි. ඇත්තම කියන්න. මේ සමාගමෙන් පොහොර ආපහු ගේනවා නේද?”

රෝහිණීගේ එම කතාවට ප්‍රතිචාර දැක්වූ මහින්දාන්ද අලුත්ගමගේ,

“මමත් මේ වැස්ස වෙලාවේ කියන්නෙ. ඔබතුමියටත් හෙන ගහයි. ඒ නිසා එලියට යන්න එපා. චීනයෙන් කැලි කසල ගේනවා කියල අරවගේ බොරු ලියුම් ලිව්වම ඔබතුමියටත් හෙන ගහනවා. ඒ නිසා එලියට යන්න එපා.”

“හෙන ගහන දෙවල් කලේ අපි නෙමෙයි. ඔයාගේ ආණ්ඩුව තමයි හෙණ ගහන දේවල් එදා ඉදන්ම කලේ. රසායනික පොහොර ගෙනල්ලා වාර්තා වෙනස් කලා. හෙන ගහන්නේ අපිට නෙමෙයි ඔය ඉස්සරහ ඉන්න සෙට් එකට. අපි කවදාවත් හෙන ගහන වැඩ කරල නෑ.”

නැවතත් රෝහිණී එම කතාවට ප්‍රතිචාර දැක්වීය.

“එහෙනම් ඔබතුමා අපිට වාර්තා ඉදිරිපත් කරන්න.”

“වාර්තා ඉල්ලුවානම් දෙනවා. නමුත් ඔබතුමිය මට හෙන ගහන කතවක් කිව්වනෙ. එතකොට කොහොමද වාර්තා දෙන්නේ?”

“අවසන් කරන්න. අවසන් කරන්න.” කතානායකවරයා මෙහිදී විධානය කලේ දෙදෙනාගේම ගැටුම දිගින් දිගටම ඇදි යමින් තිබුණු නිසායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?