ඇමැතිතුමාට හෙණ ගහයි!

ශ්‍රී ලංකාවට පැමිණි ආන්දෝලනාත්මක පොහොර නැව සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණී කුමාරි විජේරත්න සහ කෘෂිකාර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ අතර ඇති වූ අතර ඇතිවූ බහින්බස් වීම නිසා මැතිසබයේ උණුසුම් තත්වයක් ඇති විය.

“සිංගප්පූරුවෙන් ආපු නැව හරවා යැව්වා. නමුත් ඒ සමාගමෙන් නැවතත් ඒ පොහොර රටට එනවා කියල ආරංචියි. මේ වහින වෙලාවට බොරු කියන්න එපා ඇමතිතුමා, හෙන ගහයි. ඇත්තම කියන්න. මේ සමාගමෙන් පොහොර ආපහු ගේනවා නේද?”

රෝහිණීගේ එම කතාවට ප්‍රතිචාර දැක්වූ මහින්දාන්ද අලුත්ගමගේ,

“මමත් මේ වැස්ස වෙලාවේ කියන්නෙ. ඔබතුමියටත් හෙන ගහයි. ඒ නිසා එලියට යන්න එපා. චීනයෙන් කැලි කසල ගේනවා කියල අරවගේ බොරු ලියුම් ලිව්වම ඔබතුමියටත් හෙන ගහනවා. ඒ නිසා එලියට යන්න එපා.”

“හෙන ගහන දෙවල් කලේ අපි නෙමෙයි. ඔයාගේ ආණ්ඩුව තමයි හෙණ ගහන දේවල් එදා ඉදන්ම කලේ. රසායනික පොහොර ගෙනල්ලා වාර්තා වෙනස් කලා. හෙන ගහන්නේ අපිට නෙමෙයි ඔය ඉස්සරහ ඉන්න සෙට් එකට. අපි කවදාවත් හෙන ගහන වැඩ කරල නෑ.”

නැවතත් රෝහිණී එම කතාවට ප්‍රතිචාර දැක්වීය.

“එහෙනම් ඔබතුමා අපිට වාර්තා ඉදිරිපත් කරන්න.”

“වාර්තා ඉල්ලුවානම් දෙනවා. නමුත් ඔබතුමිය මට හෙන ගහන කතවක් කිව්වනෙ. එතකොට කොහොමද වාර්තා දෙන්නේ?”

“අවසන් කරන්න. අවසන් කරන්න.” කතානායකවරයා මෙහිදී විධානය කලේ දෙදෙනාගේම ගැටුම දිගින් දිගටම ඇදි යමින් තිබුණු නිසායි.

  1. මේ මුංගේ කටවල් වලට මැහුම් ගසා දියවන්නාව අවට ඇති වතුර ඇති ස්ථාන වල දමන්න කාලය ඇවිත් දැන්, අපිට මැජික් එකක් කරලා මුංට ආතල්, සුනාමි මුදල්, මැණික් ගල්, පොහොර,සිනි, තෙල්, බේත්, පැන්ඩෝරා,ජෙට්, යානා ඒවා මේවා බොහෝ ඇත, නමුත් ඔවුන් ට නැත අපට නම් ඇත, ඔන්න ඉතින් අපේ රටේ නීතිය හාමුදුරුවනේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40
Video thumbnail
සුරේෂ් සලේගේ දැන් තත්ත්වය නලින්ද හෙළිකරයි - ප්‍රශ්නයක් නෑ - හොඳට කනවා බොනවා
01:40
Video thumbnail
ගුවන්යානා මිලදී ගද්දි කොමිස් මුදල අනිවාර්යයිද ? අංගුලිමාලට සමාව දුන්නා වගේ සමාව දෙන්න පුළුවන්ද ?
01:36
Video thumbnail
අර්චුනාට වසර 20ට වැඩි සිර දඬුවම්..?
11:48