ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්

ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට පැමිණීමට පෙර සියලු අයදුම්කරුවන් වෙබ් අඩවියට පිවිස දිනයක් සහ වේලාවක් වෙන් කර ගත යුතු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාලවල සීමිත සේවාලාභීන් සංඛ්‍යාවක් සඳහා සේවා සැපයීම සිදු කරන බවයි.

ඒ අනුව අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතා සහිත සේවාලාභීන් වෙබ් අඩවියේ පහත වෙබ් දිගුව වෙත පිවිස මුලින්ම දිනයක් වෙන් කර ගත යුතු වේ.

https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml

එලෙස දින වෙන්කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින්ට කාර්යාල පරිශ්‍රයට ඇතුළුවීමට අවසර හිමි නොවන බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව අදාළ නිවේදනය මගින් අවධාරණය කර සිටී.

වැඩිදුර තොරතුරු සඳහා….

Battaramulla
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?