බදු වැඩි කරයි ද? ඉදිරියේදී ගන්නා තීරණයක් ගැන ඉඟියක්

නව බදු හඳුන්වාදීමකට පෙර, වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ පවතින බදු ව්‍යූහය ප්‍රශස්ත ලෙස භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව තක්සේරුවක් ලබාගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ප්‍රකාශ කරයි.

‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පවසා ඇත්තේ රටට ‘නව බදු’ හඳුන්වා දීමේදී ප්‍රවේශම් සහගත වියයුතු බවයි.

“අප කළ යුත්තේ පවතින බදු ව්‍යූහය සමග අපට ප්‍රශස්ත ආදායමක් ලැබේදැයි සොයා බැලීමයි.” යැයි ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ ඉදිරි අයවැය තුළ නව බදු පවතීදැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුකිරීමේදී විශාල බදු ගෙවන්නන් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරෙනු ඇති බවද ලේකම්වරයා පෙන්වාදී ඇත.

නව බදු තන්ත්‍රයක් හඳුන්වා දීමේ අරමුණ ඇතිව රජය විසින් 2019 අවසානයේදී වැට් බද්ද සහ ආයතනික හා පුද්ගලික ආදායම් බද්ද අඩු කිරීමෙන් පසු රජයේ බදු ආදායම පහත වැටිණි. විශේෂයෙන් වැට් බද්ද අඩුකිරීම හේතුවෙන් ආරම්භයේදී පමණක් රුපියල් බිලියන 600ක් පමණ රජයට අහිමිවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කර ඇත.

2020 සහ 2021 දී දක්නට ලැබෙන මෙම ආදායම් පහත වැටීම හේතුවෙන් 2022 දී යම් බදු වැඩි කිරීමක් බලාපොරොත්තු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ මත පළකර ඇත.2020 දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ගෙවීම සියයට 8.1ක් පමණක් ලෙස දැක්වුණු අතර එය ලෝකයේ අඩුම අගයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?