බදු වැඩි කරයි ද? ඉදිරියේදී ගන්නා තීරණයක් ගැන ඉඟියක්

නව බදු හඳුන්වාදීමකට පෙර, වැඩි ආදායමක් ලබා ගැනීම සඳහා දැනට ශ්‍රී ලංකාවේ පවතින බදු ව්‍යූහය ප්‍රශස්ත ලෙස භාවිත කර ඇත්දැයි යන්න පිළිබඳව තක්සේරුවක් ලබාගත යුතු බව ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර ප්‍රකාශ කරයි.

‘ඉකොනොමි නෙක්ස්ට්’ වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ඔහු පවසා ඇත්තේ රටට ‘නව බදු’ හඳුන්වා දීමේදී ප්‍රවේශම් සහගත වියයුතු බවයි.

“අප කළ යුත්තේ පවතින බදු ව්‍යූහය සමග අපට ප්‍රශස්ත ආදායමක් ලැබේදැයි සොයා බැලීමයි.” යැයි ජනාධිපති ලේකම්වරයා පවසා ඇත්තේ ඉදිරි අයවැය තුළ නව බදු පවතීදැයි අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

කෙසේවෙතත් ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුකිරීමේදී විශාල බදු ගෙවන්නන් කෙරෙහි වැඩි අවධානය යොමු කෙරෙනු ඇති බවද ලේකම්වරයා පෙන්වාදී ඇත.

නව බදු තන්ත්‍රයක් හඳුන්වා දීමේ අරමුණ ඇතිව රජය විසින් 2019 අවසානයේදී වැට් බද්ද සහ ආයතනික හා පුද්ගලික ආදායම් බද්ද අඩු කිරීමෙන් පසු රජයේ බදු ආදායම පහත වැටිණි. විශේෂයෙන් වැට් බද්ද අඩුකිරීම හේතුවෙන් ආරම්භයේදී පමණක් රුපියල් බිලියන 600ක් පමණ රජයට අහිමිවූ බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කර ඇත.

2020 සහ 2021 දී දක්නට ලැබෙන මෙම ආදායම් පහත වැටීම හේතුවෙන් 2022 දී යම් බදු වැඩි කිරීමක් බලාපොරොත්තු විය හැකි බව ආර්ථික විශ්ලේෂකයෝ මත පළකර ඇත.2020 දී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් බදු ගෙවීම සියයට 8.1ක් පමණක් ලෙස දැක්වුණු අතර එය ලෝකයේ අඩුම අගයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14