ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, වට්සැප් යලි යථාතත්වයට

ඊයේ ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වීය.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය සේවා පැය හයකට ආසන්න කාලයක් පැවති බිඳවැටීමකින් පසු නැවත යාථා තත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.

ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිදවැටීම බවට ඩවුන්ඩිටෙක්ටර් නම් ආයතනය පවසයි.

ෆේස්බුක් හි අවසන් වරට මෙවැනි බිදවැටීමක් ඇති වූයේ 2019 දී ය.

ෆේස්බුක් වෙබ් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත් වූවන්ට සමාව අයදින බවයි.

Mark zukerberg fb down status
fb whatsapp instagram down twitter message

මෙය සිදුවූයේ කෙසේදැයි තවමත් හරි ස්ථිර තොරතුරක් ෆේස්බුක් සමාගම පවසා නොමැත. ආයතනයේ තාක්ෂණික ආරක්ෂක නිලධාරියෙක් පවසා සිටියේ එය DNS තාක්ෂණික දොශයක් බවයි.

fb whatsapp instagram down reason

බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳවැටීම සිදු වූ බවයි.

එමෙන්ම ඒ.පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්‍රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ටි මිනිට් නම් රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.

මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීයෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.

එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.

මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ කරමින්, කියා සිටියේ යම්කිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කරගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
79
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05


?