ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, වට්සැප් යලි යථාතත්වයට

ඊයේ ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වීය.

ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය සේවා පැය හයකට ආසන්න කාලයක් පැවති බිඳවැටීමකින් පසු නැවත යාථා තත්වයට පැමිණෙමින් තිබෙන බව ෆේස්බුක් පවසයි.

ලොව පුරා ගැටලු වාර්තා මිලියන 10.6 ක් වාර්තා වී ඇති අතර එය මෙතෙක් සමාජ මාධ්‍ය වල දුටු විශාලතම බිදවැටීම බවට ඩවුන්ඩිටෙක්ටර් නම් ආයතනය පවසයි.

ෆේස්බුක් හි අවසන් වරට මෙවැනි බිදවැටීමක් ඇති වූයේ 2019 දී ය.

ෆේස්බුක් වෙබ් අඩවිය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ විදුලිය බිඳවැටීමෙන් පීඩාවට පත් වූවන්ට සමාව අයදින බවයි.

Mark zukerberg fb down status
fb whatsapp instagram down twitter message

මෙය සිදුවූයේ කෙසේදැයි තවමත් හරි ස්ථිර තොරතුරක් ෆේස්බුක් සමාගම පවසා නොමැත. ආයතනයේ තාක්ෂණික ආරක්ෂක නිලධාරියෙක් පවසා සිටියේ එය DNS තාක්ෂණික දොශයක් බවයි.

fb whatsapp instagram down reason

බ්‍රිතාන්‍ය ඩේලි මේල් වෙබ් අඩවිය පවසන්නේ, බ්‍රිතාන්‍ය සම්මත වේලාවක් 16.44 ට අදාළ බිඳවැටීම සිදු වූ බවයි.

එමෙන්ම ඒ.පී ජාත්‍යන්තර පුවත් සේවය නිකුත් කළ වාර්තාවක සඳහන් වූයේ, ෆ්‍රාන්සිස් මෝර්ගන් විසින් මෙහෙය වන ලද සික්ස්ටි මිනිට් නම් රූපවාහිනි සම්මුඛ සාකච්ඡා වැඩසටහනකට එක් වූ දත්ත විද්‍යාඥයෙකු විසින් හෙළි කළ ආන්දෝලනාත්මක තොරතුරු හේතුවෙන් ෆේස්බුක් සමාගම අදාළ තීරණය එළඹ ඇති බවයි.

මෙම සාකච්ඡාවේ දී අදාළ විද්‍යාඥයා විසින් හෙළි කර ඇත්තේ, ෆේස්බුක් සමාගමේ ඉහළ පෙළේ නිලධාරීයෙකු විසින් සමාගමට අදාළ රහස්‍ය තොරතුරු ඇතුළත් වාර්තා අතිවිශාල ප්‍රමාණයක් මුදා හැර ඇති බවයි.

එය ෆේස්බුක් සමාගමේ කීර්ති නාමයට සහ පැවැත්මට බරපතල බලපෑමක් ඇති කරනු ඇති බවත් ඔහු කියා සිටියා.

මෙම සාකච්ඡාවේ දී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, ෆේස්බුක් සමාගම සමාජ යහපත සහ ආයතනයේ සුබ සිද්ධිය සලකා බැලීමේ දී සෑම විටම ආයතනික සුබසිද්ධිය සහ ප්‍රතිලාභ අන්තයේ සිටිමින් කටයුතු කළ බවයි.

මේ අතර ෆේස්බුක් සමාගම මීට ටික වේලාවකට පෙර ඔවුන්ගේ සෑම සමාජ ජාල අඩවියකම දැන්වීමක් පළ කරමින්, කියා සිටියේ යම්කිසිවක් වැරදි ඇති බවත් එය නිවැරදි කරගැනීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරන අතර අදාළ අවහිරය ඉවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි.

ෆේස්බුක් සමාගමේ සන්නිවේදන කලමනාකරු වන ඇන්ඩි ස්ටෝන් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ලොව පුරා සිටින ෆේස්බුක් ග්‍රාහකයින්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඔහු කියා සිටින්නේ, සිය සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලයන්ට පිවිසීමේ අවහිරතාවක් මේ වනවිට උද්ගතව ඇති බවත්, එය කඩිනමින් යථාවත් කිරීමට සිය තාක්ෂණික කණ්ඩායම් කටයුතු කරමින් සිටින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14