යාපනය කෝපායි පොලිස් වසමේ ඊයේ (03) රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චුන්නාකම් පොලිසිය පවසනවා.
කෝපායි පොලිස් වසම සහ චුන්නාකම් පොලිස් වසම අතර පිහිටි උරෙලු ප්‍රදේශයේදී වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් යතුරුපැදියක් හිස් ආවරනයක් නොමැතිව ධාවනය කරවීම හේතුවෙන් ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය නවතා රියදුරු බලපත්‍ර ඇතුලු ලියකියවිලි විමසා තිබෙනවා.
එහිදී උරණ වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පොලීසිය සමඟ බහින්බස් වී රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව කෑගැසීමට පටන් ගෙන තිබුණා.
පසුව අවට සිටි තවත් පිරිසක් පැමිණි පොලීසියට බාධා කිරීමේදී රාජකාරි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් අහසට වෙඩි ප්‍රහාරයන් දෙකක් තබා තත්ත්ව පාලනය කිරීමට පියවර ගෙන තිබුණා.
අනතුරුව එම ස්ථානයේ බොහෝ පිරිසක් රැස්ව සිටීම හේතුවෙන් නොසන්සුන්තත්වයක් ඇතිවීමේ අවධානම සලකා රැස්ව සිටි පිරිස් විසුරුවාහැරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් අද (04) උදෑසනම චුන්නාකම් පොලීසිය විසින් නොසන්සුන්ව පොලිස් රාජකාරියට බාධා කරන ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අත ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.