මන්ත්‍රී යකා නටයි – පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්

යාපනය කෝපායි පොලිස් වසමේ ඊයේ (03) රාත්‍රියේ මුර සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුලු චෝදනා කිහිපයකට ප්‍රදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුලු දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවට චුන්නාකම් පොලිසිය පවසනවා.

කෝපායි පොලිස් වසම සහ චුන්නාකම් පොලිස් වසම අතර පිහිටි උරෙලු ප්‍රදේශයේදී වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු විසින් යතුරුපැදියක් හිස් ආවරනයක් නොමැතිව ධාවනය කරවීම හේතුවෙන් ජංගම මුර සේවයේ නිරත පොලිස් නිලධාරීන් විසින් මන්ත්‍රීවරයාගේ යතුරුපැදිය නවතා රියදුරු බලපත්‍ර ඇතුලු ලියකියවිලි විමසා තිබෙනවා.

එහිදී උරණ වූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා විසින් පොලීසිය සමඟ බහින්බස් වී රාජකාරියට බාධා කරමින් නොසන්සුන්ව කෑගැසීමට පටන් ගෙන තිබුණා.

පසුව අවට සිටි තවත් පිරිසක් පැමිණි පොලීසියට බාධා කිරීමේදී රාජකාරි සේවයේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් අහසට වෙඩි ප්‍රහාරයන් දෙකක් තබා තත්ත්ව පාලනය කිරීමට පියවර ගෙන තිබුණා.

අනතුරුව එම ස්ථානයේ බොහෝ පිරිසක් රැස්ව සිටීම හේතුවෙන් නොසන්සුන්තත්වයක් ඇතිවීමේ අවධානම සලකා රැස්ව සිටි පිරිස් විසුරුවාහැරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් අද (04) උදෑසනම චුන්නාකම් පොලීසිය විසින් නොසන්සුන්ව පොලිස් රාජකාරියට බාධා කරන ලද ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුලු තවත් අයෙකු අත්අඩංගුවට ගෙන ඇති අත ඔවුන් යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයිද පරික්ෂණ සිදුකරන චුන්නාකම් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14