රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා

රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත්  වෙනස් කර හරි ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මීරිගමදී පැවසීය.

පොදුජන පෙරමුනේ සාමාජික හමුවකට සහභාගිවීමට පැමිණි ලේකම්වරයා මාධ්‍ය අමතමින් මේ බව කීයා සිටියේය.ෙ

ඊළග අයවැයෙන් පස්සේ රටේ සංවර්ධනය කොහොමද කරන්නේ ප්‍රදේශයට සංවර්ධනය ගේන්න ඕනෑ කෙසේද කියා මහජන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්විණි.

රජය මේ වෙලාවේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළයුතු හොදම දේ . ඒ දේ ඉදිරියටත් ඒ විදියටම හැමවිටම ජනතාව වෙනුවෙන් කරනවා. ආහාර ලබාදීම වෙනුවෙන් හොදම පියවරවල් ගන්නවා. ඒකට ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් අපි ඒවා වෙනස් කරලා හරි කරනවා.

කවදා හරි හාල් මිල පාලනය නැතුව ගියා කියා තේරුනොත් ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීත් රජයක් හැටියට මැදිහත් වෙනවා.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා මෙසේ ද උත්තර දුන්නේය

ප්‍රශ්නය- ඒ කියන්නේ දැන් මිල පාලනයක් තියෙනවා කියන එකද,

කාරියවසම් මහතා – මේ අවස්ථාවේ ආහාර හිගයක් තිබුනානේ. මුලින්ම ජනතාවට කන්න දීලා ජනතාවගේ බඩ පුරවලා ඉන්න ඕනෑ.

ප්‍රශ්නය- නිරෝධායන නීති යටතේ රැස්වීමකට සහභාගිවිය හැක්කේ 25 පමණ බවට සීමාවක් තියෙනවා නේද.

කාරියවසම් මහතා – මෙතන රැස්වීමක් පැවැත්වෙන්නනේ නැහැ. ඉදිරි සංවර්ධන කටයුතු ගැන ජනතා නියෝජිතයන් හා සාකච්ඡාවක් පමණයි. මෙතැන 25 ට වැඩිය නැතුව ඇති. මම දන්නේ නැහැ.

ප්‍රශ්නය- රටින් හාල් ගෙන ඒම දේශිය ගොවියාට පහරක් නොවේද.

කාරියවසම් මහතා – රජයක් හැටියට අපි මුලින්ම කරන්න ඕනෑ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එකයි. ඒ වගකිම රජයට තියෙනවා. ඒ දේ අපි කරනවා. ඊට පස්සෙ ඊලග පියවරට යනවා.

ප්‍රශ්නය- සහල් මිල ව්‍යාපාරිකයෝ තීරණය කරනවා නේද.

කාරියවසම් මහතා – ඒක ඉතින් පසුගිය රජය විසින් ව්‍යාපාරිකයන් දෑවැන්ත ලෙස පෝෂණය කලානේ. මේක පිටිපස්සේ හිටියේ කවුද. ඉදිරියට ඇවිත් කතා කළේ කවුද කියා රටේ ජනතාවට තේරෙනවා. අපි ජනතාවට අවශ්‍ය හොදම දේ කරනවා. ඒ නිසා ජනතාව සැකයක් ඇතිකරගත යුතු නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?