රටේ ජනතාව වෙනුවෙන් ගැසට් 10ක් වුණත් ගහනවා

රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එක රජයේ වගකිමක්. ඒ සඳහා ගැසට් පත්‍ර දහයක් ගහන්න සිද්ධ වුණත්  වෙනස් කර හරි ජනතාව වෙනුවෙන් මැදිහත්වන බව පොදුජන පෙරමුනේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මීරිගමදී පැවසීය.

පොදුජන පෙරමුනේ සාමාජික හමුවකට සහභාගිවීමට පැමිණි ලේකම්වරයා මාධ්‍ය අමතමින් මේ බව කීයා සිටියේය.ෙ

ඊළග අයවැයෙන් පස්සේ රටේ සංවර්ධනය කොහොමද කරන්නේ ප්‍රදේශයට සංවර්ධනය ගේන්න ඕනෑ කෙසේද කියා මහජන නියෝජිතයන් හමුවී සාකච්ඡා කිරීම සඳහා එම හමුව පැවැත්විණි.

රජය මේ වෙලාවේ කරන්නේ රටේ ජනතාව වෙනුවෙන් කළයුතු හොදම දේ . ඒ දේ ඉදිරියටත් ඒ විදියටම හැමවිටම ජනතාව වෙනුවෙන් කරනවා. ආහාර ලබාදීම වෙනුවෙන් හොදම පියවරවල් ගන්නවා. ඒකට ගැසට් පත්‍ර දහයක් ගහන්න වුණත් අපි ඒවා වෙනස් කරලා හරි කරනවා.

කවදා හරි හාල් මිල පාලනය නැතුව ගියා කියා තේරුනොත් ජනතාව වෙනුවෙන් ඒ අවස්ථාවේදීත් රජයක් හැටියට මැදිහත් වෙනවා.

එහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට මන්ත්‍රීවරයා මෙසේ ද උත්තර දුන්නේය

ප්‍රශ්නය- ඒ කියන්නේ දැන් මිල පාලනයක් තියෙනවා කියන එකද,

කාරියවසම් මහතා – මේ අවස්ථාවේ ආහාර හිගයක් තිබුනානේ. මුලින්ම ජනතාවට කන්න දීලා ජනතාවගේ බඩ පුරවලා ඉන්න ඕනෑ.

ප්‍රශ්නය- නිරෝධායන නීති යටතේ රැස්වීමකට සහභාගිවිය හැක්කේ 25 පමණ බවට සීමාවක් තියෙනවා නේද.

කාරියවසම් මහතා – මෙතන රැස්වීමක් පැවැත්වෙන්නනේ නැහැ. ඉදිරි සංවර්ධන කටයුතු ගැන ජනතා නියෝජිතයන් හා සාකච්ඡාවක් පමණයි. මෙතැන 25 ට වැඩිය නැතුව ඇති. මම දන්නේ නැහැ.

ප්‍රශ්නය- රටින් හාල් ගෙන ඒම දේශිය ගොවියාට පහරක් නොවේද.

කාරියවසම් මහතා – රජයක් හැටියට අපි මුලින්ම කරන්න ඕනෑ රටේ මිනිස්සු බඩගින්නේ ඉන්න එක නතර කරන එකයි. ඒ වගකිම රජයට තියෙනවා. ඒ දේ අපි කරනවා. ඊට පස්සෙ ඊලග පියවරට යනවා.

ප්‍රශ්නය- සහල් මිල ව්‍යාපාරිකයෝ තීරණය කරනවා නේද.

කාරියවසම් මහතා – ඒක ඉතින් පසුගිය රජය විසින් ව්‍යාපාරිකයන් දෑවැන්ත ලෙස පෝෂණය කලානේ. මේක පිටිපස්සේ හිටියේ කවුද. ඉදිරියට ඇවිත් කතා කළේ කවුද කියා රටේ ජනතාවට තේරෙනවා. අපි ජනතාවට අවශ්‍ය හොදම දේ කරනවා. ඒ නිසා ජනතාව සැකයක් ඇතිකරගත යුතු නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05
Video thumbnail
ආණ්ඩුව අපිට බාධා කරන්න හිතන්නවත් එපා - බලාගෙන ඉන්න
03:23
Video thumbnail
ඉතිහාසයේ දැවැන්තම විරෝධතා රැළිය අපි කරනවා - තිස්සකුට්ටිගෙන් ආණ්ඩුවට අභියෝගයක්
04:31
Video thumbnail
දිලිත් එක්ක හිටපු ලොක්කෙක් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:29
Video thumbnail
වසර 7ක සිරදඬුවම් නියම වූ හිටපු ඇමති පියංකර ජයරත්න
00:26
Video thumbnail
අපිට ඕනි නෑ අර හොර තක්කඩිටික බලයට ගේන්න - අධිකරණයට මෙහෙම බලපෑම් කරන්න බෑ..
10:50