ඔක්සිජන් සඳහා කළ ගෙවීම් ගැන අමාත්‍යාංශ ලේකම් අනාවරණය කරයි

මුදල් නොගෙවීම නිසා රජයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම, තාවකාලිකව නැවැත්වීමට සැපයුම්කාර පෞද්ගලික සමාගම් පියවර ගැනීමේ පුවතක් පසුගිය 29 වනදා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වුණි.

කෙසේවෙතත් ඊට අදාළ මුදල් මේ වනවිට සැපයුම්කාර සමාගම් වෙත ගෙවා අවසන් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අද (01) ප්‍රකාශ කළේය.

එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවන් අදහසකි.

“ලංකාවට ඔක්සිජන් ටොන් 1,580ක් ආනයනය කරලා තිබුණා. ඒ වගේම අනෙක් ආයතනය 98ක් පමණ ආනයනය කරලා තිබුණේ. ඒ සඳහා අපි මිලියන 153ක් ගෙවලා තියෙනවා එක් ආයතනයකට. අනෙක් ආයතනයට ගෙවීම් කරන්න බිල් ඉදිරිපත් කරලා නෑ. ඒක කරන්න සැලසුම් කරලා තියෙනවා.”

මේ අතර කොළඹ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ වයස අවුරුදු 12 – 19ත් අතර ආබාධිත සහ සංකූලතා සහිත දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වලදී ආරම්භ කෙරුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?