ඔක්සිජන් සඳහා කළ ගෙවීම් ගැන අමාත්‍යාංශ ලේකම් අනාවරණය කරයි

මුදල් නොගෙවීම නිසා රජයේ රෝහල්වලට අවශ්‍ය ඔක්සිජන් සැපයීම, තාවකාලිකව නැවැත්වීමට සැපයුම්කාර පෞද්ගලික සමාගම් පියවර ගැනීමේ පුවතක් පසුගිය 29 වනදා අනුරාධපුර මෙත්සිරි සෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වුණි.

කෙසේවෙතත් ඊට අදාළ මුදල් මේ වනවිට සැපයුම්කාර සමාගම් වෙත ගෙවා අවසන් බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශය අද (01) ප්‍රකාශ කළේය.

එම අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය ආර්.එම්.එස්.කේ රත්නායක මේ සම්බන්ධයෙන් කියා සිටියේ මෙවන් අදහසකි.

“ලංකාවට ඔක්සිජන් ටොන් 1,580ක් ආනයනය කරලා තිබුණා. ඒ වගේම අනෙක් ආයතනය 98ක් පමණ ආනයනය කරලා තිබුණේ. ඒ සඳහා අපි මිලියන 153ක් ගෙවලා තියෙනවා එක් ආයතනයකට. අනෙක් ආයතනයට ගෙවීම් කරන්න බිල් ඉදිරිපත් කරලා නෑ. ඒක කරන්න සැලසුම් කරලා තියෙනවා.”

මේ අතර කොළඹ, අනුරාධපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක වූ වයස අවුරුදු 12 – 19ත් අතර ආබාධිත සහ සංකූලතා සහිත දරුවන්ගේ එන්නත්කරණ වැඩසටහන අද සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වලදී ආරම්භ කෙරුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14