විරෝධතාකරුවන්ට ඉදිරියේදී දැඩි ක‍්‍රියාමාර්ග ?

කඩාකප්පල්කාරී විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව රජය මෘදු ප‍්‍රතිපන්තියක සිටිය නොයුතු බව මහජන ආරක්ෂක අමාත්‍යා සරත් වීරසේකර මහතා සඳහන් කරයි.

එම විරෝධතා උද්ඝෝෂණ පිළිබඳව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවත් එසේ නොකළහොත් රට හැදීමට නොහැකි බවද පවසන අමාත්‍යවරයා තමන් කැබිනට් මණ්ඩලයේ දී පවා ඒ පිළිබඳව සඳහන් කර ඇතැයි කියා සිටියේය.

කොරෝනා වසංගතය මෙරට පැතිරෙමින් ඇති අවස්ථාවක කඩා කඩාකප්පල්කාරීන් විසින් ලක්ෂය ඉක්මවූ පිරිසක් උද්ඝෝෂණ සඳහා පාරට ගෙන ආ බවත් අමාත්‍යවරයා පැවසීය.

කඩාකප්පල්කාරීන්ට විරුද්ධව පොලිසිය භාර අමාත්‍යවරයා ලෙස තමන් ඉතා දැඩිව ක්‍රියා කරන බව ද ඔහු පවසයි.

වසංගත තත්වය හා ආර්ථිකය ඉතා පහළ වැටී ඇති අවස්ථාවක පඩි වැඩි කිරීමක් ඉල්ලා අහිංසක ගුරුවරු නොමඟ යවා ඇති බවත් ඔහු සිහිපත් කරයි.

ඇමතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
19
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?