සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද (09/30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා.
ඒ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය මැකීයාම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි.
මෙම දත්ත මැකීයාම පිළිබද මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා තොරතුරු දන්නා බව අනාවරණය වී ඇති බවත් ඒ අනුව එම කරුණු අනාවරණය කරගැනීම සදහා මන්ත්‍රීවරයා කැදවන බවත් එම ලිපියේ වැඩිදුරටත් සදහන්.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ සථානාධිපතිවරයා විසින් මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ අද පෙරවරු 9.30 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසයි.
යම් ලෙසකින් එසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටින්නේ නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 172 වගන්තිය යටතේ දඩුවම් ලබාදිය හැකි බවද එම ලිපියේ දක්වා තිබෙනවා.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතිය විනාශවීම සම්බන්ධයෙන් එහි සභාපතිවරයා විසින් පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, ඒ අතරම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සමූහ ආරක්ෂක නිලධාරියා විසින් ද පැමිණිල්ලක් ගොනු කර ඇතැයිද මන්ත්‍රීවරයා වෙත යොමු කරන ලද ලිපියේ සඳහන්.