රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මිලියන ගානක් සොරා ගැනෙයි

මින්නේරිය – මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයක ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්.යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් මිලියන 10කට අධික මුදලක් සොරාගෙන තිබෙනවා.

අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බැංකුවෙහි නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදි යි මෙම සොරකම සම්බන්ධයෙන් ඊයේ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මින්නේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, බැංකු නිලධාරියෙකු බව පවසමින් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පෙරේදා උදෑසන කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි.

ඔහු බැංකු නිලධාරියෙකු නො වෙන බවත් ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර කපා මුදල් රැගෙන ගොස් ඇති බවටත් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. සැකකරු පැමිණි බවට පැවසෙන කුඩා ලොරි රථයක් පිළිබද ව පොලිසියේ අවධානය යොමු ව ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?