රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම් යන්ත්‍රය කඩා මිලියන ගානක් සොරා ගැනෙයි

මින්නේරිය – මිනිහිරිගම ප්‍රදේශයේ වෙළද සංකීර්ණයක ගොඩනැගිල්ලක පිහිටා තිබූ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්.යන්ත්‍රයක් කඩා එහි තිබූ රුපියල් මිලියන 10කට අධික මුදලක් සොරාගෙන තිබෙනවා.

අදාළ ඒ.ටී.එම්. යන්ත්‍රය ක්‍රියා විරහිත වීම හේතුවෙන් බැංකුවෙහි නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදි යි මෙම සොරකම සම්බන්ධයෙන් ඊයේ තොරතුරු අනාවරණ වී ඇත්තේ.

මින්නේරිය පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවල දී අනාවරණ වී ඇත්තේ, බැංකු නිලධාරියෙකු බව පවසමින් එම යන්ත්‍රය අලුත්වැඩියා කිරීම සඳහා පෙරේදා උදෑසන කිසියම් පුද්ගලයෙකු එම ස්ථානයට පැමිණ ඇති බවයි.

ඔහු බැංකු නිලධාරියෙකු නො වෙන බවත් ඒ.ටී.එම්. යන්ත්‍රය උණුකර කපා මුදල් රැගෙන ගොස් ඇති බවටත් විමර්ශනවල දී අනාවරණ වී තිබෙනවා. සැකකරු පැමිණි බවට පැවසෙන කුඩා ලොරි රථයක් පිළිබද ව පොලිසියේ අවධානය යොමු ව ඇති බවයි වාර්තා වෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14
Video thumbnail
තානාපතිලා කැමැත්තෙන් පොහොට්ටුව සමඟ සංවාද අපේක්ෂා කරනවා - නාමල් ගැනත් අපි කතා කළා
02:43
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13