Empty Ad
AFC Banner
AFC Banner

”චීනයේ අසූචි පොහොර පාලකයින්ට සුවඳක් වුණේ ඇයි?”: ආචාර්ය අජන්තා පෙරේරාගෙන් හෙළිදරව්වක්

චීනය සමග අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් මෙරටට යළිත් වරක් කාබනික පොහොර ගෙන්වන්නට වී ඇත්තේ චීනයෙන් ම බවත් මෙරට පාලකයින්ට ”චීන අසූචිවලින් සාදන පොහොර පවා සුවඳ බවත්” ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, මෙරට තුළ ම කාබනික පොහොර නිපදවා ගැනීමට අවශ්‍ය සියලු සම්පත් සහ පහසුකම් පවතින බවත් එසේ නොකර චීනයෙන් පසට අහිතකර බැක්ටීරියා සහිත පොහොර ගෙන්වා මෙරට ගොවීන්ට එම පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීමට පවසන බවත්ය.

තමාට ”කුණු රැජිණ” යැයි අමතන්නේ, කාබනික පොහොර සම්බන්ධව තමන්ට ඇති දැනුම හේතුවෙන් බවත් බොහෝ වරක් තමන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන්  දැනුම දීමට කැමැත්ත පල කළ ද එය රජය පිළි නොගත් බවත් ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවකදී ආචාර්යවරිය මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මෙසේය.

“මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට පොහොර හදන්න ඕනෑ නම්, මම කියලා දෙන්නම් කියලා මම බොහෝ වතාවල කිව්වා. මට කුණු රැජිණ කියන්නේ නිකන් නොවෙයි. කුණු රැජිණ කියන්නේ, මම දන්නවා මේ රටේ කුණු ගොඩවල් ගොඩ ගහලා මේ රටේ විනාශ කරලා තියෙන තැන්. මේ අපේ රටේ කාබනික ද්‍රව්‍ය එකතුවෙලා තියෙනවා විශාල පරිමාණයෙන්. මේවා පාවිච්චි කරලා කොම්පෝස්ට් පොහොර හදන්න පුළුවන්. අපිට අවශ්‍ය දැනුම තියෙනවා. උපකරණ තියෙනවා. ඒවාගේ ගුණාංග ගැන සොයා බලන්න ආයතන තියෙනවා.

මේ චීනේ හදපු ඒවා ම ගේන්නේ මේ ගිවිසුම් නිසා. චීනෙත් එක්ක ගහපු ගිවිසුම් කොයි තරම් ද කිව්වොත් අද චීනේ අසූචි ටික පාවිච්චි කරලා හදන පොහොර ටිකත් අපේ පාලකයින්ට සුවඳයි. මේකයි ප්‍රශ්නේ. ලංකාවේ අසූචිවලින් පොහොර හැදුවා නම් ඒවා සුවඳ නෑ. ඒවාගේ බැක්ටීරියා වර්ග නෑ. නමුත් චීනේ මිනිසුන්ගේ අසූචිවලින් හදන පොහොර ටික අපේ අර දියවන්නාවේ ඉන්න 225ට ම සුවඳයි. මේකයි ප්‍රශ්නය. මේක කොහෙන් ද අපි කෙළවර කරන්නේ? මේක නිසා තමා අද පසට අහිතකර ඒ පොහොර ටික ගෙනල්ලා ගොවීන්ට කියනවා පාවිච්චි කරන්න ලු. කාබනික පොහොර ලු. මේකෙන් හැදෙන එළවළු හොඳයි ලු. මේකෙන් හැදෙන පළතුරුත් හොඳයි ලු. එහෙනම් උදේ ඉඳන් හවස් වෙනකම් අර 225ට තියෙන්නේ ඔය එළවළු ම කකා ඔය පළතුරු ම කකා ජීවත්වෙන එක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මගේ නම කියලා සල්ලි ඉල්ලුවොත් දෙන්න එපා - කවුද මේ ඩුප්ලිකේට් හඳුන්නෙත්ති..?
08:17
Video thumbnail
බිමල් රත්නායකට කියනවා අනුන්ගේ දරුවන්ට උප්පැන්න සහතික දෙන්න එපා කියලා
12:23
Video thumbnail
අතුරුගිරිය පොලිසියට එරෙහිව ජැක්සන්ගේ බෑණා අල්ලපු අලුත්ම අඩව්ව මෙන්න
15:54
Video thumbnail
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අජිත් හඬ නගයි
03:14
Video thumbnail
සුද්දන්ට කුණු කෑම කවන වැටලීම - ජරා සංචාරක හෝටල් දැකලා PHI ලොක්කන්ටත් තදවෙයි
05:29
Video thumbnail
මොන බල්ලෝ බිරුවත් අපි අපේ ගමන යනවා - විපක්ෂයට වැලේ වැල් නැතිවෙන්ම දෙසයි
04:10
Video thumbnail
මහින්ද සහ නාමල්ගේ ජීවිතයට තර්ජනයක්
03:23
Video thumbnail
රාජ්‍ය සේවකයන්ට අප්‍රේල් වල සුබයි #npp #govermentjob
01:50
Video thumbnail
අපිරිසිදු තැනක කරගෙන ගිය හෝටලයක් පොලිසිය වටලයි
01:41
Video thumbnail
වායු දූෂණය අවම වන පරිදි කටයුතු කරන්න - මෙන්න රටට වෙන්න යන දේ
01:44

?