”චීනයේ අසූචි පොහොර පාලකයින්ට සුවඳක් වුණේ ඇයි?”: ආචාර්ය අජන්තා පෙරේරාගෙන් හෙළිදරව්වක්

චීනය සමග අත්සන් කළ ගිවිසුම් හේතුවෙන් මෙරටට යළිත් වරක් කාබනික පොහොර ගෙන්වන්නට වී ඇත්තේ චීනයෙන් ම බවත් මෙරට පාලකයින්ට ”චීන අසූචිවලින් සාදන පොහොර පවා සුවඳ බවත්” ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය පවසයි.

ඇය සඳහන් කළේ, මෙරට තුළ ම කාබනික පොහොර නිපදවා ගැනීමට අවශ්‍ය සියලු සම්පත් සහ පහසුකම් පවතින බවත් එසේ නොකර චීනයෙන් පසට අහිතකර බැක්ටීරියා සහිත පොහොර ගෙන්වා මෙරට ගොවීන්ට එම පොහොර භාවිතයෙන් ගොවිතැන් කිරීමට පවසන බවත්ය.

තමාට ”කුණු රැජිණ” යැයි අමතන්නේ, කාබනික පොහොර සම්බන්ධව තමන්ට ඇති දැනුම හේතුවෙන් බවත් බොහෝ වරක් තමන් කාබනික පොහොර නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන්  දැනුම දීමට කැමැත්ත පල කළ ද එය රජය පිළි නොගත් බවත් ඇය පැවසුවාය.

මාධ්‍ය හමුවකදී ආචාර්යවරිය මේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශය මෙසේය.

“මේ රටේ ජනාධිපතිතුමා ඇතුළු කැබිනට් මණ්ඩලයට පොහොර හදන්න ඕනෑ නම්, මම කියලා දෙන්නම් කියලා මම බොහෝ වතාවල කිව්වා. මට කුණු රැජිණ කියන්නේ නිකන් නොවෙයි. කුණු රැජිණ කියන්නේ, මම දන්නවා මේ රටේ කුණු ගොඩවල් ගොඩ ගහලා මේ රටේ විනාශ කරලා තියෙන තැන්. මේ අපේ රටේ කාබනික ද්‍රව්‍ය එකතුවෙලා තියෙනවා විශාල පරිමාණයෙන්. මේවා පාවිච්චි කරලා කොම්පෝස්ට් පොහොර හදන්න පුළුවන්. අපිට අවශ්‍ය දැනුම තියෙනවා. උපකරණ තියෙනවා. ඒවාගේ ගුණාංග ගැන සොයා බලන්න ආයතන තියෙනවා.

මේ චීනේ හදපු ඒවා ම ගේන්නේ මේ ගිවිසුම් නිසා. චීනෙත් එක්ක ගහපු ගිවිසුම් කොයි තරම් ද කිව්වොත් අද චීනේ අසූචි ටික පාවිච්චි කරලා හදන පොහොර ටිකත් අපේ පාලකයින්ට සුවඳයි. මේකයි ප්‍රශ්නේ. ලංකාවේ අසූචිවලින් පොහොර හැදුවා නම් ඒවා සුවඳ නෑ. ඒවාගේ බැක්ටීරියා වර්ග නෑ. නමුත් චීනේ මිනිසුන්ගේ අසූචිවලින් හදන පොහොර ටික අපේ අර දියවන්නාවේ ඉන්න 225ට ම සුවඳයි. මේකයි ප්‍රශ්නය. මේක කොහෙන් ද අපි කෙළවර කරන්නේ? මේක නිසා තමා අද පසට අහිතකර ඒ පොහොර ටික ගෙනල්ලා ගොවීන්ට කියනවා පාවිච්චි කරන්න ලු. කාබනික පොහොර ලු. මේකෙන් හැදෙන එළවළු හොඳයි ලු. මේකෙන් හැදෙන පළතුරුත් හොඳයි ලු. එහෙනම් උදේ ඉඳන් හවස් වෙනකම් අර 225ට තියෙන්නේ ඔය එළවළු ම කකා ඔය පළතුරු ම කකා ජීවත්වෙන එක.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09