රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ජනතාව තවත් මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නැතිව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු එසේ කළහොත් නැවතත් කොරෝනා රැළි මතු වීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය.

අද වන විට කොරෝනා රට තුළ සතුටුදායක ලෙස පාලනය වී ඇති බවද පැවසූ ඔහු කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුන තුලදී තවදුරටත් අඩු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද පැවසීය.

රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් පවතින බවද පැවසූ ඔහු රටේ මුළු ජනගහනයෙන් 50%ක් පමණ කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන අවසන්ව ඇතැයිද කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
34
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?