රට විවෘත කිරිම ගැන හමුදාපතිගෙන් ප‍්‍රකාශයක්..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු රට විවෘත කිරීම පිළිබඳව යම් උපදෙසක් ලබාදෙනු ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ජනතාව තවත් මාස දෙක තුනක් යනතුරු සෞඛ්‍ය නීති තදින්ම පිළිපදිමින් වගකීම් සහගතව කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

එසේ නැතිව අවුරුදු සමයේදී මෙන් අප්‍රේල් වසන්තයක් උදා කරගෙන කටයුතු නොකරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසූ ඔහු එසේ කළහොත් නැවතත් කොරෝනා රැළි මතු වීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය.

අද වන විට කොරෝනා රට තුළ සතුටුදායක ලෙස පාලනය වී ඇති බවද පැවසූ ඔහු කොරෝනා ව්‍යාප්තිය ඉදිරි මාස දෙක තුන තුලදී තවදුරටත් අඩු ඇතැයි බලාපොරොත්තු තබාගත හැකි බවද පැවසීය.

රට විවෘත කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ සකස් කරමින් පවතින බවද පැවසූ ඔහු රටේ මුළු ජනගහනයෙන් 50%ක් පමණ කොරෝනා මර්ධන එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන අවසන්ව ඇතැයිද කියා සිටියේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේක්ෂිත අදායම් ඉලක්කය ඉක්මවා ගිහින්..වසර අවසානයේ බිලියන 100ක වැඩිපුර ආදායමක්
01:52
Video thumbnail
ශ්‍රී ලංකාවේ චීන තානාපති පළමු වරට ඇමති නලින්දව හමුවෙයි
01:24
Video thumbnail
බිස්කට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් අල්ලයි
00:49
Video thumbnail
පැහැරගත් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා සොහොනක් අසළින් හමුවෙයි
00:56
Video thumbnail
ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:12:56
Video thumbnail
ක්‍රිකට් පනත ගැන ක්‍රීඩා ඇමති හෙළිකරයි - වැටුණට පස්සේ සෑහෙන කාලයක් යනවා මේක ගොඩගන්න
03:57
Video thumbnail
නොමිලේ නීති උපදෙස් ලබාදෙන ජංගම සේවයක් අපි ආරම්භ කරනවා - කුමන බාධක දැම්මත් පරාජය කරනවා
03:44
Video thumbnail
අරන්තලාවේදී ලංගම බස් රථයක් පෙරලී සිදුවූ බිහිසුණු අනතුර - මගීන් 60කට වැඩි පිරිසක් ඉදලා
00:50
Video thumbnail
වත්මන් රජයට ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද ක්‍රමෝපායන් හුරුපුරුදු නෑ - ලක්ෂ 220ම එකතු වෙමු
05:05