ඉන්දියානු යාත්‍රා 100කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකාව දෙසට එයි

ත්‍රිකුණාමලයේ සිට මුලතිව් මුහුදු සීමාවට කිලෝ මීටර 25 ක පමණ දුරින් ලංකා මුහුදු තීරයේ ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා සියයකට අධික ප්‍රමාණයක් අනවසරයෙන් ඇතුළු වී නැංගුරම් ලා ඇත.

ත්‍රිකුණාමලයෙන් මුහුදු ගොස් මේ මොහොත වන විට මුලතිව් දිසාවේ රැඳී සිටින ධීවරයන් එම දර්ශන වීඩියෝ ගතකර අප වෙත එවා ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ යාත්‍රාවක් ඒ දෙසට ගොස් නැවතත් හරවා ගෙන ගොස් ඇති බව එම ධීවරයෝ කියති.

මෙම ඉන්දියානු බහුදින ධීවර යාත්‍රා දින ගණන් මෙහි රැදී සිටිමින් මෙරට මත්ස්‍ය සම්පත සූරාගෙන යන බව මෙරට ධීවර ප්‍රජාව කියයි.

තම ධීවර රැකියාව නිදහසේ කරගෙන යෑමට ලංකා මුහුදු සීමාව ඉන්දියානුවන්ගෙන් මුදා දෙන ලෙස මෙරට ධීවරයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?