හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින් ලෝන්’ සමාගම අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.
මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි.
මෙය චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රවර්ධන කණ්ඩායම විසින් ෆුජියන් ප්‍රාන්තයේ දියත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනෙහි සෘජු ප්‍රතිඵලයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි
අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කාර්මික ජනපදයේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව සලකා බලන බව කින් ලොන් මෝටර් වාහන සමූහයේ උප සභාපති ෂෑන් මින් ප්‍රකාශ කර තිබේ.
1988 වසරේ ස්ථාපිත කෙරුණු කින් ලෝන් මෝටර් වාහන නිෂ්පාදන සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස් රථ, ලොරි රථ සහ වෑන් නිෂ්පාදනය කරයි.
කින් ලෝන් නිෂ්පාදිත ලොව පුරා රටවල් 140 කට අපනයනය කෙරෙන අතර එය චීනයේ විශාලතම බස් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සමාගමකි.














15
අහා උන් උන් ම ගිවිසුම් ගහලා අපේ කොහනයා පස්සට දාල
මුන් රටේ දේවල් වෙළදපල ආක්‍රමණය කලත්, අනවශ්‍ය අයුරින් රටට දෙන දේවල් රටේ සියලු දෙනා ප්‍රතික්ෂේප කල යුතුය.
චීනයේ නිෂ්පාදිත වහන වැඩක් චීනයේ නිෂ්පාදිත ඒවා ගැන තුනපාරක් කල්පනා කරන්න ඕන මිලදී ගැනීමට පෙර
king long ජරා ටාට බස් වලට වඩා සැප පහසුවන්ම් හොදයි, කල් පැවැත්ම කොහොමද දන්නැහැ ??