ශ්‍රී ලංකාවේ රථගාය ඇති අය පුන පුනා බලා සිටි බලාපොරොත්තුවක් ඉටුවෙයි

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සමග චීනයේ ප්‍රමුඛතම මෝටර් වාහන නිෂ්පාදන ආයතනයක් වන ‘ෂියමෙන් කින් ලෝන්’ සමාගම අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ.

මෙය ශ්‍රී ලංකාවේ බස්රථ එකලස් කිරීමේ කම්හලක් ස්ථාපිත කිරීම සඳහා මඟ පාදන මූලික ගිවිසුමකි.

මෙය චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රවර්ධන කණ්ඩායම විසින් ෆුජියන් ප්‍රාන්තයේ දියත් කෙරුණු ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනෙහි සෘජු ප්‍රතිඵලයක් බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය සඳහන් කරයි

අවබෝධතා ගිවිසුමට අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ කාර්මික ජනපදයේ වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිකිරීම පිළිබඳව සලකා බලන බව කින් ලොන් මෝටර් වාහන සමූහයේ උප සභාපති ෂෑන් මින් ප්‍රකාශ කර තිබේ.

1988 වසරේ ස්ථාපිත කෙරුණු කින් ලෝන් මෝටර් වාහන නිෂ්පාදන සමාගම විශාල සහ මධ්‍යම ප්‍රමාණයේ බස් රථ, ලොරි රථ සහ වෑන් නිෂ්පාදනය කරයි.

කින් ලෝන් නිෂ්පාදිත ලොව පුරා රටවල් 140 කට අපනයනය කෙරෙන අතර එය චීනයේ විශාලතම බස් නිෂ්පාදකයින් 10 දෙනා අතර සිටින සමාගමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
372
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09