තවත් පාසල් ශිෂ්‍යාවක් කොවිඩ් ආසාදිතව මරුට

හදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගිය බව බලපිටිය මූලික රෝහල කියයි.

මේ පාසල් ශිෂ්‍යාව වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇයට කොවිඩ් වැළදී ඇති බව තහවුරුවූ බවද එම රෝහල කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන අම්බලන්ගොඩ,හල්වතුර,විලේගොඩ,පදිංචි දාහතර හැවිරිදි කේ.එල්.සදමිණි නෙත්සරණි යන ශිෂ්‍යාවය.

ඇය පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා අද (22)අලුයම 12.05ට රෝහලට ඇතුළත් කල බවත් අද (22) දිනයේම අලුයම 1.05ට මියගිය බවත් බලපිටිය රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

මියගිය මේ ශිෂ්‍යාව පිළිබද මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා කේ.වගාඅරච්චි මහත්මිය විසින් අද(22) බලපිටිය මූලික රෝහලේදී පැවැත්විමට නියමිතව තිබිණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?