තවත් පාසල් ශිෂ්‍යාවක් කොවිඩ් ආසාදිතව මරුට

හදිසි අසනීප තත්ත්වයකින් පෙලීම නිසා අද (22) අලුයම් කාලයේ රෝහලට ඇතුලු කෙරුණු දාහතර හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් මියගිය බව බලපිටිය මූලික රෝහල කියයි.

මේ පාසල් ශිෂ්‍යාව වෙනුවෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවේදී ඇයට කොවිඩ් වැළදී ඇති බව තහවුරුවූ බවද එම රෝහල කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ඉගෙනුම ලබන අම්බලන්ගොඩ,හල්වතුර,විලේගොඩ,පදිංචි දාහතර හැවිරිදි කේ.එල්.සදමිණි නෙත්සරණි යන ශිෂ්‍යාවය.

ඇය පපුවේ වේදනාව සහ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා අද (22)අලුයම 12.05ට රෝහලට ඇතුළත් කල බවත් අද (22) දිනයේම අලුයම 1.05ට මියගිය බවත් බලපිටිය රෝහලේ ප්‍රකාශකයකු කීවේය.

මියගිය මේ ශිෂ්‍යාව පිළිබද මරණ පරීක්ෂණය බලපිටිය මූලික රෝහල් හදිසි මරණ පරීක්ෂිකා කේ.වගාඅරච්චි මහත්මිය විසින් අද(22) බලපිටිය මූලික රෝහලේදී පැවැත්විමට නියමිතව තිබිණ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06