14 හැවිරිදි සිසුවා ඝාතකයින් කෑලෑවකදී ගිනිඅවි සමග කොටු කරගනී

පසුගිය 19 වැනි දින වීරකැටිය ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් නිසා වෙඩි තබා ඝාතනය වූ 14 හැවිරිදි දරුවාගේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රක්ෂිත කැලෑබද ප්‍රදේශයක දී තවත් සැකකරුවෙකු සමඟ සැඟ වී සිටිය දී ඊයේ රාත්‍රියේ, වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ඔහු ව අත් අඩංගුවට ගත් බවයි වාර්තා වෙන්නේ.

අත්අඩංගුවට පත් වෙනවිට ඝාතනයට යොදාගත් ගිනි අවිය ද සැකකරුගේ ප්‍රකාශ මත සොයා ගැනීමට පොලිසිය සමත් වුණා.

සැකකරු සමඟ සිටි අනෙත් පුද්ගලයා සතුව ද දේශිය ව නිෂ්පාදනය කළ ගිනි අවියක් තිබී ඇති අතර, එය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අද දින වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වීරකැටිය පොලිසිය මඟින් සිදු කෙරෙනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?