පෝ දින අමුතු රාජකාරියක් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගෙදර යවයි

බිනර පුන් පෝ දින දිසා විනිසුරුවරයෙකුගේ නිල නිවසේ බීමතින් රාජකාරි කළ බවට චෝදනා ලද කටුගස්තොට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කටුගස්තොට අලදෙණියේ පිහිටි මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරී කරමින් සිටියදී ඊයේ (20) දිනයේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසා සිටියේ.

පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු මෙලෙස ෙඅත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලීසියට වාර්තා නොකර අදාළ රාජකාරී ස්ථානයට නිවසේ සිට පැමිණීමට අවස්ථාව ලබාදී තිබියදී මෙම නිලධාරීන් මෙලෙස බීමතින් රාජකාරීයට වාර්තා කර තිබෙන අතර සිද්ධියෙන් පසු අදාළ පහසුකම අත්හිටුවීමට කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්ඩංගුවට ගැනීමෙන් පසු වෙනත් දෙදෙනෙකු මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අංගම්මන මහතාගේ උපදෙස් මත කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?