පෝ දින අමුතු රාජකාරියක් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ගෙදර යවයි

බිනර පුන් පෝ දින දිසා විනිසුරුවරයෙකුගේ නිල නිවසේ බීමතින් රාජකාරි කළ බවට චෝදනා ලද කටුගස්තොට පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

කටුගස්තොට අලදෙණියේ පිහිටි මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරී කරමින් සිටියදී ඊයේ (20) දිනයේ මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසා සිටියේ.

පොලිස් සැරයන්වරයෙකු හා කොස්තාපල්වරයෙකු මෙලෙස ෙඅත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් පොලීසියට වාර්තා නොකර අදාළ රාජකාරී ස්ථානයට නිවසේ සිට පැමිණීමට අවස්ථාව ලබාදී තිබියදී මෙම නිලධාරීන් මෙලෙස බීමතින් රාජකාරීයට වාර්තා කර තිබෙන අතර සිද්ධියෙන් පසු අදාළ පහසුකම අත්හිටුවීමට කටුගස්තොට පොලිස් ස්ථානාධිපතිවරයා පියවර ගෙන තිබුණා.

අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා අත්ඩංගුවට ගැනීමෙන් පසු වෙනත් දෙදෙනෙකු මහේස්ත්‍රාත් නිල නිවසේ ආරක්ෂාවට යොදවා ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී අංගම්මන මහතාගේ උපදෙස් මත කටුගස්තොට පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26