රජ කාලෙන් පසුව මේ තරම් සේවාවක් කලේ මහින්ද පමණයි..

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන 20 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින්  මෙවර ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාජ්‍ය නායකයෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකරකර ඇති බව පෙන්වා දුන්හ.

“රාජ්‍ය නායකයෙක් හැටියට රජ කාලයෙන් පස්සේ මේ තරම් ජනතාවට සමීප වෙලා මේ තරම් ජනතාවට සේවාවක්  කළ නායකයෙකු  සොයා ගන්න අමාරුයි.”යැයි දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ දී සිහිපත් කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධර්ම දේශනාව අවසානයේ දේශකයාණන් වහන්සේට අෂ්ඨපරිෂ්කාර පූජා කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00