AFC Banner
Empty Ad
Empty Ad

රජ කාලෙන් පසුව මේ තරම් සේවාවක් කලේ මහින්ද පමණයි..

සෑම පුන් පොහෝ දිනකම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව පවත්වන “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාවේ 214 වැන්න බිනර පුන් පොහොය යෙදෙන 20 දින පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

බුදුරාජාණන්වහන්සේට මල් පහන් සුවඳ දුම් පූජා කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මිනුවන්ගොඩ පත්තඩුවන භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියන්ට දැහැත් වට්ටියක් පූජා කරමින්  මෙවර ධර්ම දේශනාව සඳහා ආරාධනා කළාය.

ප්‍රඥාවන්ත දැහැමි ජන සමාජයක් උදෙසා බුදු දහමේ සිසිලස බෙදාදීමේ අරමුණ පෙරදැරිව සෑම පුන් පොහෝ දිනකම  “අමාදම් සිසිලස” ධර්ම දේශනා මාලාව පැවැත්වේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ඇරඹි අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාව අඛණ්ඩව සෑම පොහෝ දිනකම පවත්වන්නට යෙදීම අගයමින් රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මැදගමුවේ විජය මෛත්‍රී නාහිමියෝ රාජ්‍ය නායකයෙකු ලෙස ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ට සේවාවක් රට වෙනුවෙන් ඉටුකරකර ඇති බව පෙන්වා දුන්හ.

“රාජ්‍ය නායකයෙක් හැටියට රජ කාලයෙන් පස්සේ මේ තරම් ජනතාවට සමීප වෙලා මේ තරම් ජනතාවට සේවාවක්  කළ නායකයෙකු  සොයා ගන්න අමාරුයි.”යැයි දේශකයාණන් වහන්සේ ධර්ම දේශනාවේ දී සිහිපත් කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධර්ම දේශනාව අවසානයේ දේශකයාණන් වහන්සේට අෂ්ඨපරිෂ්කාර පූජා කළේය.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පැවති “අමාදම් සිසිලස” ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු සීමිත පිරිසක් එක්ව සිටියහ.

රොහාන් වැලිවිට    

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හේෂා මට කරපු එක වෙන කෙනෙක්ට කරන්න පුලුවන් #damitha_abeyrathna
Video thumbnail
නැවත ඉරානයෙන්,ඊශ්‍රායලයට ප්‍රතිප්‍රහාර දක්වයි ද?
06:33
Video thumbnail
කාන්ති කොඩිකාරට විපතක්නේ වෙලා තියෙන්නේ - දැන් ඉන්නේ රෝහලේ
05:26
Video thumbnail
ලක් අම්මා හදීසියේ සමන්දේවාලයට පැමිණෙයි - හේෂා ඔයාට හෘද ශාක්සියක් තියෙනවා ද ?
06:08
Video thumbnail
කට්ටිය අපිව කොටවනවා - හරිනි කට අරියි
15:59
Video thumbnail
පොල් ගන්න ගියාම මිනිස්සුන්ට එළොව පොල් පේනවා
04:58
Video thumbnail
සිල්ලර වැඩ කරනවා මිසක් - රටට වැදගත් දෙයක් කරන්නේ නෑ
04:03
Video thumbnail
බුද්ධිමත් ලෙස මේක තේරුම් ගන්න - 9000ක් ඉඳපු කාලේ කරපුවාදැන් කරන්නේ තුන්දෙනෙක්ගෙන්
02:19
Video thumbnail
Breaking news🛑කංචනගෙන් හදීසියේ විශේෂ හෙළිදරව්වක් - සල්ලි තිබ්බත් ඉන්ධන ලබාගන්නේ මෙහෙමයි
09:09
Video thumbnail
රිදීමාලියද්ද කළඹමින් විදේශ රටක නිෂ්පාදිත බෝම්බයක් හමුවෙයි
01:34

?