AFC Banner
Empty Ad
Empty Ad

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව, ඒ අතර රංජන් ?

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. 

ඒ ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීවයි. 

මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. නිදහස හිමි වු සිරකරුවන් අතරට මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු, බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 07 දෙනෙකු සහ  වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 05 දෙනෙකු ද අයත්. 

ජනාධිපති සමාව හිමි වු සිරකරුවන් ඡක්‍ඍ පරීක්ෂණ සඳහා ඊයේ යොමු කෙරුණු අතර එම පරීක්ෂණ වාර්තා ලැබීමෙන් අනතුරුව කොරෝනා වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වු සිරකරුවන් පමණක් බන්ධනාගාරවලින් නිදහස් කිරීමටයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇත්තේ. ඒ අනුව ඊයේ එම වාර්තා ලැබුණු සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වලින් මුදා හැර තිබෙනවා. 

අනෙක් සිරකරුවන්ගේ වාර්තා අද දිනයේ ලැබීමට නියමිත බව හා ඒවා පරීක්ෂා කර අනෙකුත් සිරකරුවන් නිදහස් කරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. 

කෙසේවෙතත් සිරදඬුවමට ලක්ව අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට ජනාධිපති පොදු සමාව හිමිව නැහැ. ඔහු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන්නැයි ඉල්ලා පාර්ශව කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් ද කර තිබුණා.  

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
47
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?