AFC Banner
Empty Ad
Empty Ad

ඇමැති සරත්ගෙනුත් ජගත්ට බරපතළ චෝදනාවක්

ජගත් කුමාර මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලා සිටින බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. 

අමාත්‍යවරයා මෙලෙස අදහස් පළකළේ ජගත් කුමාර මන්ත්‍රීවරයා පසුගියදා සිදුකළ ප්‍රකාශයකට පිළිතුරු ලබා දෙමිනි. 

“පාදුක්ක පොලිස් ස්ථානාධිපතිවරයා මාරුකළේ කාන්තා පොලිස් නිලධාරිනියකගේ ආරක්ෂාව නොමැතිව කාන්තාවන් දෙදෙනෙක් පොලිස් ස්ථානයේ රඳවාගෙන සිටීම ඇතුළු තවත් හේතුන් මත. ඔහුව එම තනතුරෙන් ඉවත්කළේ අමාත්‍යාංශ ලේකම්තුමා සහ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත. ඔහුව ඉවත්කළාට පසුව ජගත් කුමාර මන්ත්‍රීවරයා මට ලිඛිතව මෙන්ම වාචිකවත් ඉල්ලාසිටියා ඔහුට පක්ෂපාති පොලිස් ස්ථානාධිපතිවරයෙකුව එම තනතුරට පත්කරන්න කියලා. දේශපාලන බලපෑම්කරන්න අවේ ජගත් කුමාර මන්ත්‍රීවරයා. ඔහු උරණවෙලා තියෙන්නේ ඔහුට පක්ෂපාති කෙනෙක් පත්කර ගැනීමට නොහැකිවූ නිසයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?