AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක්,සතුටුවිය හැකි පුවතක්

එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට එරට තීරණය කර තිබේ. 2021 සැප්තැම්බර් 22 වැනිදා (බදාදා) අලුයම 4.00 සිට එය ක්‍රියාත්මක බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් රතු ලැයිස්තුවෙන් ඉවත්කරන බවයි. තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව එම රටවල්ය. රතු ලැයිස්තුවෙන් ඉවත්කරන ලද මෙම රටවල් අඩු අවදානමක් දැක්වෙන ‘ඇම්බර් ලැයිස්තුවට‘ (Amber list) ඇතුළත් කර ඇත. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ පසුගිය වකවානුවේ කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ සීග්‍ර ලෙස ව්‍යාප්තවීම හේතුවෙනි.

ඒ අනුව අදාළ රටවල්වලින් පැමිණෙන සංචාරකයින් හෝ පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවනු ඇත. සැප්තැම්බර් 22 වැනි දින සිට ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට ඇතුළු වන ඕනෑම අයෙකු එංගලන්තයට යාමට දින 3 කට පෙර කොවිඩ් පීසීආර් පරීක්ෂණයක් කළ යුතු අතර, බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණයක් සඳහා මුදල් වෙන් කරවාගෙන සිටිය යුතුය. සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව පීසීආර් පරික්ෂාවකට ලක්වීම ද අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම්වරයා සඳහන් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති වුණාට පස්සෙත් - සිඟිති ආතල් ගන්න එක පුදුමයට හේතුවක් #akd #anurakumaradissanayaka
01:25
Video thumbnail
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ - විජිත හේරත් රාජකාරි අරඹයි#npp
03:45
Video thumbnail
පොහොට්ටු ප්‍රභලයෙක් - මාලිමාවේ ගුණ වයයි - පනින්නද? #slpp #npp
01:48
Video thumbnail
ජනපතිටත් කැබිනට් මණ්ඩලයටත් සෙත්පතා - ගම්මු ටිකක් කරපු සුපිරි වැඩේ #npp #anurakumaradissanayaka
04:13
Video thumbnail
🛑Breaking News - 09වන විධායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා කළ විශේෂ ප්‍රකාශය
10:36
Video thumbnail
9 වන විධායක ජනාධිපති ජාතිය අමතා සිදුකරන විශේෂ ප්‍රකාශය සජීවීව
12:07
Video thumbnail
🛑Breaking News - සීලරතන හිමිගෙන් විශේෂ ප්‍රකාෂයක් /මෙන්න සම්පූර්ණ කතාව #breakingnews
03:55
Video thumbnail
අපිලගේ සාදු හිටි හැටියේ සැර වෙයි / බිත්තර මාෆියාවේ එව්වෝ - වාහාම අත්අඩංගුවට ගන්න
05:36
Video thumbnail
"අපි අනුර ජනාධිපතිට සුබ පතනවා" - රටේ ජනතාවට තිබුණු පීඩනය මේ ජනාධිපතිවරණයෙන් ඔප්පු වුණා
03:35
Video thumbnail
අපි නැවත ජනතාව ඉදිරියට යන්න ලෑස්තී - වැලේ වැල් නැතවුණ පොහොට්ටුවේ මීළග සැලසුම #slpp
01:52

?