ශ්‍රී ලංකාවට යම් අස්වැසිල්ලක්,සතුටුවිය හැකි පුවතක්

එක්සත් රාජධානියේ කොවිඩ් රතු ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට එරට තීරණය කර තිබේ. 2021 සැප්තැම්බර් 22 වැනිදා (බදාදා) අලුයම 4.00 සිට එය ක්‍රියාත්මක බව ලන්ඩනයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

එක්සත් රාජධානියේ ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ශප්ස් සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 8ක් රතු ලැයිස්තුවෙන් ඉවත්කරන බවයි. තුර්කිය, මාලදිවයින, ඊජිප්තුව, පාකිස්තානය, ඕමානය, බංග්ලාදේශය සහ කෙන්යාව එම රටවල්ය. රතු ලැයිස්තුවෙන් ඉවත්කරන ලද මෙම රටවල් අඩු අවදානමක් දැක්වෙන ‘ඇම්බර් ලැයිස්තුවට‘ (Amber list) ඇතුළත් කර ඇත. එක්සත් රාජධානිය ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරන ලද්දේ පසුගිය වකවානුවේ කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාවේ සීග්‍ර ලෙස ව්‍යාප්තවීම හේතුවෙනි.

ඒ අනුව අදාළ රටවල්වලින් පැමිණෙන සංචාරකයින් හෝ පුද්ගලයින් සඳහා හෝටල් නිරෝධායනය අවශ්‍ය නොවනු ඇත. සැප්තැම්බර් 22 වැනි දින සිට ශ්‍රී ලංකාවේ සිට එංගලන්තයට ඇතුළු වන ඕනෑම අයෙකු එංගලන්තයට යාමට දින 3 කට පෙර කොවිඩ් පීසීආර් පරීක්ෂණයක් කළ යුතු අතර, බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු සිදුකළ යුතු පීසීආර් පරීක්ෂණයක් සඳහා මුදල් වෙන් කරවාගෙන සිටිය යුතුය. සම්පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇත්නම් එරටට පැමිණීමෙන් අනතුරුව පීසීආර් පරික්ෂාවකට ලක්වීම ද අවශ්‍ය නොවන බව බ්‍රිතාන්‍ය ප්‍රවාහන ලේකම්වරයා සඳහන් කර ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26