අමෙරිකානු සමාගමක් සමඟ මධ්‍යම රාත්‍රියේ අත්සන් කළ ගිවිසුම

කෙරවලපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40ක් ඇමරිකානු සමාගමකට පවරාදීමේ ගිවිසුමකට පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

කෙරවලපිටිය බලාගාරය ගෑස් බලාගාරයක් දක්වා වෙනස් කිරීමට නළ පද්ධතියක් අපි එලන්න ඕනකම තියෙනවා. ගබඩා පද්ධතියක් අපි ඉදිකරන්න ඕනේකම තියෙනවා. ඒ සඳහා ඛනිජ තෙල් අමාත්‍යාංශය ලංසු කැඳවා තිබෙනවා. 2021 පෙබරවාරි 18 පුවත්පත් දැන්වීමක් මඟින්. හැබැයි බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස කැබිනට් පත්‍රිකාවක් දාලා එම ඉදිකිරීම්, මෙම ටෙන්ඩරයට කිසිසේත් ම සම්බන්ධ නොවු අමෙරිකානු සමාගමකට
පවරා තිබෙනවා. නිව් ෆෝට්රස් එනර්ජි කියන සමාගමට පවරනවා. ගනුදෙනුවක් ලෙස මේක පිරිසිදු ගනුදෙනුවක් නෙමෙයි. පිරිසිදු ගනුදෙනුවක් නම්, අමෙරිකානු සමාගමට අර ලංසු ඉදිරිපත් කරන වෙලාවේ දී ඔවුන්ගේ ලංසුව ඉදිරිපත් කරලා, එම ඉදිකිරීම ගත හැකිව තිබුණා. දැන් ආරම්භයේ දීම මොකද කරලා තියෙන්නේ මෙම ඉදිකිරීම ලංසුකරුවෙක් නොවුණු අමෙරිකානු සමාගමට දෙන්න කැබිනට් තීන්දුවක් ගන්නවා. ඒ විතරක් නෙමෙයි ස්වභාවික ගෑස් අවුරුදු 05 යනතුරු සැපයීමේ කොන්ත්‍රාත්තුවත් එම සමාගමටම ලබාදීලා. ඒ විතරක් නෙමෙයි වසර 05ක් තුළ කෙරවලපිටියේ ඉදිවන වෙනත් ඕනෑම බලාගාරයකට ගෑස් සැපයීමේ අයිතිය නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට ලබාදෙනවා. අම්මාගේ අප්පාගේ දේපල ද මේ. මොකද කරලා තියෙන්නේ මේ කෙරවලපිටියේ බලාගාරයේ කොටස්වලින් 40% ක් අමෙරිකානු නිව් ෆෝට්රස් එනර්ජි සමාගමට පවරාදීමේ ගිවිසුම පසුගිය සිකුරාදා අත්සන් කළා. මේ කැබිනට් පත්‍රිකාව අනුමත කරනකොට කිසි ඇමතිවරයෙක් ළඟ කැබිනට් පත්‍රිකාව නැහැ. මේ කොටස් විකිණීමේ හා මිල දී ගැනීමේ ගිවිසුම අත්සන් කළ පසු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. මේ ගිවිසුම අත්සන් කරලා තියෙන්නේ 17 රාත්‍රී 12.06 ට. අත්සන් කරන්න ආව සුද්දා පාන්දර අමෙරිකාවට යනවා. රෑ 12.06 ට ගිවිසුම් අත්සන් කරන්න බකමූණෝද මේ ගොල්ලෝ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09