බනිස් කකා සිටියදී දුවගේ හිස කඩාවැටුණා යැයි බිරිඳ පැවසුවා

පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ සය හැවිරිදි දැරියක් කොවිඩි ආසාදිතව මරුමුවට පත්ව තිබේ . හදිසියේම අසනීපව කහවත්ත මුලික රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගිය සය හැවිරිදි දැරියගේ මරණයට හේතුව කොවිඩි ආසාදිත වීම බව පී.සී.ආර් . පරික්ෂණයේදී හෙළි වී තිබේ .

පැල්මඩුල්ල පනාකඩ,ගොඩගම ග්‍රැමසේවා වසමේ ,ගල්ලෑල්ල අරඹ පදිංචි මෙම දැරීයගේ පි.සී , ආර් පරික්ෂණ වර්තාව පෙරේදා ( 16 දා ) දහවල් ලැබුණු බවත් , ඒ අනුව ඇය ගේ මරණය හේතුව කොවිඩ් ආසාදනය විම බව කහවත්ත හදිස්සි මරණ පරික්ෂක ආර් . එස් . ගොඩගේ මහතා පැවසීය .දුව ඛනිස් ගෙඩියක් කමින් සිටියදි එකවරම හිස පහතට කඩාවැටුණු බව බිරිද පැවසුවා යැයි මියගිය දියණියගේ පියා වන ආනන්ද ජයතිලක හදිසි මරණ පරිෂ්ණයේදී සාක්ෂි ලබාදී තිබිණි .එදිනම කහවත්ත මුලික රෝහලට ඇහැළක් කළ දැරිය එදින දහවල් මියගොස් සිටි බව හදිස්සි මරණ පරීක්ෂණයේදී තහවුරු වී තිබිණ .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?