අධි බලැති ක්ලේමෝ බෝම්බ දෙකක් හමුවේ

යාපනය කොඩිකාමම් කුඩමියන් ප්‍රදේශයේ තිබී අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් 16 දින හමුව ඇති බවට කොඩිකාමම් පොලීසිය පවසයි.

කුඩමියන් ප්‍රදේශයේ පිහිටි කෝවිලක් ආසන්නයේ පිහිටි තල්ගසක් ආසන්නයේ මෙම ක්ලේමෝ බෝම්බ සඟවා ඇති බව ප්‍රදේශවාසියෙකු දැක ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී ඇත.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී කිලෝ 10 ක් බරැති සහ කිලෝ 15 ක් බරැති අධිබලැති ක්ලේමෝ බෝම්බ දෙකක් සොයාගනු ලැබීය.

අදාල ක්ලේමෝ බෝම්බ දෙක එම ස්ථානය කිසියම් පුද්ගලයෙකු රැගෙනවිත් සඟවා යන්නට ඇති බවට සැක සහිත බවටත් ඒ පිළිබඳව පුලුල් පරික්ෂණයක් අරමා ඇතැයිද කොඩිකාමම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?