ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඌව නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ද ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු පළාතේ ඇතැම් ස්ථානවල උදය කාලයේදීද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41