ලංකා රෝහලෙන් හමුවූ අත්බෝම්බයේ සුලමුල එළියට

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ අත් බෝම්බය සහ කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ උණ්ඩ තොගය සැකකරුවන් ලබාගෙන ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසකින් බවට හෙළි වී තිබෙනවා.

අදාළ නිවසට එම අත්බෝම්බය සහ උන්ඩ තොගය පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී පසුගිය 14 වනදා අත් බෝම්බයක් සොයාගැනීමත් සමඟ එය රැගෙන ආ පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගැනුනා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණේ කුරුණෑගල – මහව ප්‍රදේශයේදියි.

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා තිබියදී උණ්ඩ 18ක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම පාපොච්චාරණය කර ඇත්තේ ඒවා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි විජේරාමේ පිහිටි ඇමති නිළ නිවසක තිබී රැගෙන ආ බවයි.

හිටපු අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව නිවස අලුත්වැඩියා කිරීමට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එහි සේවයේ යෙදී සිට තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේ එම නිවසේ තිබී මෙම ජීව අත්බෝම්බය සහ උණ්ඩ 18 සොරා ගත් බවයි ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට පාපොච්චාරණය කර ඇත්තේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දා හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?