ලංකා රෝහලෙන් හමුවූ අත්බෝම්බයේ සුලමුල එළියට

නාරාහේන්පිට ලංකා රෝහලේ වැසිකිලියක තිබී හමුවූ අත් බෝම්බය සහ කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයා සතුව තිබූ උණ්ඩ තොගය සැකකරුවන් ලබාගෙන ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසකින් බවට හෙළි වී තිබෙනවා.

අදාළ නිවසට එම අත්බෝම්බය සහ උන්ඩ තොගය පැමිණියේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි කොළඹ අපරාධ කොට්ඨාසයේ උසස් නිළධාරියෙකු ප්‍රකාශ කළේ.

නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී පසුගිය 14 වනදා අත් බෝම්බයක් සොයාගැනීමත් සමඟ එය රැගෙන ආ පුද්ගලයා පෙරේදා අත්අඩංගුවට ගැනුනා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණේ කුරුණෑගල – මහව ප්‍රදේශයේදියි.

වැලිකන්ද ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා තිබියදී උණ්ඩ 18ක් ද පොලීසිය විසින් සොයා ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාම පාපොච්චාරණය කර ඇත්තේ ඒවා අභාවප්‍රාප්ත හිටපු අමාත්‍යවරයෙකු රැදී සිටි විජේරාමේ පිහිටි ඇමති නිළ නිවසක තිබී රැගෙන ආ බවයි.

හිටපු අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව නිවස අලුත්වැඩියා කිරීමට පෞද්ගලික සමාගමකට ලබාදී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එහි සේවයේ යෙදී සිට තිබෙනවා.

ඒ අනුව අදාළ නිවසේ භාණ්ඩ ඉවත් කිරීමේ කටයුතු සිදුකරන අවස්ථාවේ එම නිවසේ තිබී මෙම ජීව අත්බෝම්බය සහ උණ්ඩ 18 සොරා ගත් බවයි ඔවුන් කොළඹ අපරාධ කොට්ඨාසයට පාපොච්චාරණය කර ඇත්තේ.

මේ අතර, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවයි.මේ අතර බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පසුගිය දා හිරු ටී.වී. සලකුණ වැඩසටහනට එක්වෙමින් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46