AFC Banner
Empty Ad
Empty Ad

කළු දිලීර රෝගීන් හඳුනාගැනීමේ ගැටළුවක්

කළු දිලීර රෝගීන් හඳුනාගැනීම වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ සඳහා මෙරට පවතින්නේ සීමිත මානව සහ භෞතික සම්පත් ප්‍රමාණයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලීරවේද දෙපාර්තමේන්තුව පවසයි.

එහි විශේෂඥ වෛද්‍ය ප්‍රිමාලි ජයසේකර මහත්මිය සඳහන් කළේ, පවතින තත්ත්වයන් යටතේ ඇතැම් රෝගීන් හඳුනාගැනීමට පවා නොහැකි වී ඇති බවය.

කෙසේවෙතත් මෙම රෝගයෙන් කිසිවෙකුත් මේ වනවිට මියගොස් නොමැති බවද ඇය සඳහන් කළාය. 


“මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ නාසයේ දෙපැත්ත කලුවීම හා ඒ හරහා ඇස් වටේට මෙම කළු දිලීරය පැතිරීම. මෙම රෝග පරීක්ෂා කිරීම සඳහා අප සතුව මානව සහ භෞතික සම්පත් ඉතා සීමිතයි. එමනිසා කොරෝනා වසංගතයෙන් අපි ආරක්ෂා විය යුතුයි. වසංගතයෙන් ආරක්ෂා වන තරමට ප්‍රතිශක්තිය අඩු සංකූලතා ඇති රෝගීන් අඩුවෙනවා. එවිට මෙම රෝගය ඇතිවීම වැලකෙනවා. එසේ නොවුනහොත් අපට මෙම පරීක්ෂණ කිරීමට අවශ්‍ය කරන පහසුකම් මදිවන්න පුළුවන්.” 

“ශල්‍යකර්මයක් කර යම් මට්ටමකින් මෙම රෝගීන් බේරාගැනීමට හැකියාවක් තිබෙනවා. නමුත් සමහර රෝගීන් හඳුනාගන්න පවා නොහැකි වී තිබෙනවා. එයට හේතුව වන්නේ මෙම රෝගය හඳුනාගැනීමට පටක පරීක්ෂණයක් කළ යුතුයි. පරීක්ෂණය කිරීම සඳහා නිර්වින්දනය කිරීමට අවශ්‍යයි. නමුත් සමහර පුද්ගලයින් සිටිනවා, හෘද රෝග සහ වෙනත් සංකූලතා ඇති අය. ඔවුන් නිර්වින්දනය කිරීමට නොහැකි වී තිබෙනවා. 

මෙම රෝගයෙන් කිසිවකු මේ වනවිට මියගොස් නැහැ. ඔවුන්ට අවශ්‍ය කරන ප්‍රතිකාර කරමින් සිටිනවා. කොරෝනා සඳහා ලබා දෙන සමහර ඖෂධ නිසාත් ප්‍රතිශක්තිය හීන වෙනවා. එම නිසා කොරෝනා සඳහා යම් ප්‍රතිකාර ලබනවා නම් එය වෛද්‍ය උපදෙස් මත පමණක් සිදු කරන්න.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?